නාමල් රාජපක්ෂට එරෙහි නඩුව ජූලි 30 ට කල් යයි ( මුදල් විශුද්දිකරණ නඩුව) - Today 2026.01.29

 

නාමල් රාජපක්ෂට එරෙහි නඩුව ජූලි 30 ට කල් යයි ( මුදල් විශුද්දිකරණ නඩුව) - Today 2026.01.29



නාමල් රාජපක්ෂට එරෙහි නඩුව ජූලි 30 ට කල් යයි ( මුදල් විශුද්දිකරණ නඩුව) - Today 2026.01.29



Today Speech Video - 2026.01.29

නාමල් රාජපක්ෂ විසින් අයථා ලෙස උපයාගත්තේ යැයි කියන රුපියල් මිලියන 15ක මුදලක් එන්. ආර්. කන්සල්ටන්සි සමාගමේ ආයෝජනය කිරීමෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් කළැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු සිව් දෙනකුට එරෙහි නඩුවේ නීතිපති උපෙදස් මෙතෙක් ලැබී නැතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද දින (29) අධිකරණයට දැනුම් දුන්නා.

ඒ, මෙම නඩුව අද දින (29) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීයි.

මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී මෙහි සැකකරුවන් වන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, නිත්‍යා සේනානි සමරනායක, සුජානි බෝගොල්ලාගම සහ සුදර්ශන බංඩාර ගනේගොඩ යන අය අධිකරණය හමුවේ පෙනී සිටියා.

එහිදී පැමිණිල්ල වෙනුවෙන් අධිකරණයට කරුණු දැක්වු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දුන්නේ මෙම සිද්ධියේ විමර්ශන උදෘත නීතිපතිවරයා වෙත යොමු කර ඇතත් මෙතෙක් උපදෙස් ලැබී නොමැති බවයි.

මෙම සැකකරුවන් රුපියල් මිලියන 15ක මුදලක් එන්. ආර්. කන්සල්ටන්සි සමාගමේ ආයෝජනය කිරීමෙන් සාපරාදී සාවද්‍ය පරිහණයෙන් මුදල් විශුද්ධිකරණය කළ බව සඳහන් කරමින් ඉකුත් 2015 ජුලි මස 28 වැනිදා දූෂණ විරෝධි හඬ කැඳවුම්කරු වසන්ත සමරසිංහ යනඅය මූල්‍ය අපරාධ කොට්ඨාසයට කරන ලද පැමිණිල්ලක් අනුව මෙහි විමර්ශන ආරම්භ කර තිබුණා.

ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය මෙම සිද්ධියට අදාළ නඩුව යළි ලබන ජුලි මස 30 වැනිදා කැඳවීමට නියෝග කළා.

Comments